Tamil-Sri LankaEnglish (United Kingdom)
අප ගැන වසංගත රෝග විද්‍යා ඒකකයෙහි ඉතිහාසය

වසංගත රෝග විද්‍යා අංශයෙහි ඉතිහාසය

1959 දී ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි සහාය ඇතිව  එය ස්ථාපනය කරනු ලැබීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවධාන මහජන සෞඛ්‍ය උපදේශකවරයෙකු හා මහජන සෞඛ්‍යය පිළිබඳ සුදසුකම්ලත් දේශීය වෛද්‍ය නිලධාරිවරයෙකු විසින් වසංගත රෝග විද්‍යා අංශය ක්‍රියාත්මක කරනු ලැබිණි. එම දේශීය නිලධාරියාව 1961 දී වසංගත රෝග විද්‍යාඥයෙකු ලෙස විධිමත් ලෙස පත් කරන ලදී. කොළඹ 03, චෙල්සී උද්‍යානයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාවන් හා වෛද්‍ය සංඛ්‍යා ලේඛන ඒකකය පවත්වාගෙන යනු ලැබූ ගොඩනැගිල්ලේම මෙම අංශයද පිහිටුවා තිබුණි.

1967 දී වසංගත රෝග විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ තවත් සහකාර වසංගත රෝග විද්‍යාඥයන් දෙදෙනෙකු මෙම ඒකකයට පත් කරන ලදී . 1970 වන විට පර්යන්ත සෞඛ්‍ය කොට්ඨාශ දෙකකට එනම් කළුතර හා කුරුණෑගලට ඔවුන්ගේම ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයෝ වූහ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඇතිව මෙම නිලධාරින්ට වසංගත රෝග විද්‍යාත්මක පුහුණුව ලැබුණිග මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැඳී සිටීමට තෝරාගන්නා නිලධාරීන් හිඟකම හේතුවෙන් සියළුම ප්‍රාදේශීය සෞඛ්‍ය කොට්ඨාශ වලට ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් පත් කිරීමේ සැලසුම අඩාල විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඇතිව පුහුණු කරනු ලැබුවන් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් ලෙස පත් කරනු වෙනුවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ලෙස පත් කරන ලදී. කෙසේ වෙතත් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන්ගේ සේවාවන්හි ආවරණය ලැබූ ඊළඟ ප්‍රදේශ දෙක යාපනය සහ වවුනියාව අතර වූ ඉන් පසුව යාපනයටද එම සේවාව ලැබිණි.

කොළඹ ප්‍රදේශයට සේවය සපයන ලද්දේ වසංගත රෝග විද්‍යා ඒකකයේ සහකාර වසංගත රෝග විද්‍යාඥයෙකු විසිනි. ඒකකයෙන් තවත් සහකාර වසංගත රෝග විද්‍යාඥයෙකු වෙත බෝ නොවන රෝග පිළිබඳ කටයුතු පවරනු ලැබ තිබිණි. පසුව සෞඛ්‍යය අමාත්‍යාංශය තුළ වෙනම ඒකකයක් ලෙස පිළිකා මර්දන වැඩසටහන ස්ථාපනය කරනු ලැබීමෙන් පසු මෙම නිලධාරියා එහි පළමුවැනි අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලදී.

1970ගණන් වල මුල් භාගයේදී අංශය දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ලට ගෙන යන ලදී . 1986 පෙබරවාරි මාසය වන විට වසංගත රෝග විද්‍යා අංශය එහි වර්තමාන ගොඩනැගිල්ල වන පවුල් සෞඛ්‍ය කාර්යාංශයද පිහිටි කොළඹ 10, ද සේරම් පෙදෙසේ අංක 231 යන ස්ථානයට යළි ස්ථානගත කරනු ලැබිණි.

1995 දී ඒකකයට වෙන් කරන ලද සේවක සංඛ්‍යාව සංශෝධනය කරන ලද අතර වෛද්‍ය නිලධාරින්ගේ මුළු සංඛ්‍යාව 13 දක්වා වැඩි කරන ලදී. ජ්‍යෙෂ්ඨ පරිපාලන ශ්‍රේණියේ නිලධාරින් දෙදෙනෙක්ද විශේෂඥසේවයේ  නිලධාරීන් අට දෙනෙක්ද මෙම සංඛ්‍යාවට ඇතුළත් වෙති. මෙයට අමතරවල සියළුම දිස්ත්‍රික්ක සඳහා ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයන් පත් කිරීමටත් පළාත් සඳහා පළාත් වසංගත රෝග විද්‍යාඥයන් පත් කිරීමටත් සැලසුම් කරන ලදී. දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කොට්ඨාශ 26 සඳහාම වර්තමානයේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරියන්ගේ සේවය සැපයේ.

1959 සිට ගත වූ වසර ගණනාවක් මුළුල්ලේ මෙම අංශය ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයන් අට දෙනෙකු විසින් මෙහෙයවනු ලැබ ඇති අතර වර්තමානයේ මෙම අංශය සම්පූර්ණ සේවක සංඛ්‍යාව සහිතව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයෙකු යටතේ ක්‍රියාත්මක වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2020 ජනවාරි 07 වෙනි අඟහරුවාදා, 04:28

නව තොරතුරු

Latest Events on Corona
පරිවර්ථනය වී නොමැත.

COVID - 19 Daily Situation Report

 


COVID - 19 Situation Sri Lanka - Epidemiological Summary

COVID - 19 Vaccination Summary

 

 

 

 

COVID-19 Death Analysis - (5-18) Age group

Preparation Pfizer Vaccine

Read More About COVID - 19

Provisional Clinical Guidelines on COVID-19
COVID - 19 Hospital Preparedness Final
To minimize COVID - 19 in the country


SL - TL 2019


Timor Leste - Sri Lanka twining agreement thematic area 3 - 2019

 

 

 

CKDu Study 2017


Epid / WHO / NSF CKDu Study 2017
Health and Emergency Response - Flood and landslide 2018

 

 

Dengue

 

Advice's for patients with Dengue Fever who are on ambulatory care ( Sinhala / Tamil / English)
Printable versions (Sinhala/Tamil/English)
Triage of fever patients with suspected dengue and criteria for admission
සිදුවීම් ලැයිස්තුව

27-06-2011 සිට 29-06-2011 : බදුල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සඳහා ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව පිළිබඳ පුහුණුව.

තව දුරටත් කියවන්න

පුවත්
රෝග ආවේක්ෂණය අන්තර්ජාලයට පිවිසෙයි.

පසුගිය දශක කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෝවෙන රෝග ආවේක්ෂණ ක්‍රමය සඳහා ශක්තිමත් කේන්ද්‍රය වූයේ සාමාන්‍ය 11399...

තව දුරටත් කියවන්න...

පුවත්පත් නිවේදනය


පෙන්ටාවැලන්ට් (DTP – HepB - හිබ්) එන්නත ලබා දීමෙන් පැය කිහිපයකට පසුව මාස පහක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට වාර්තාවක් පුත්තලම ප්‍රාදේශීය වසංගත රෝගවේදී ...

තව දුරටත් කියවන්න...

© 2011 වසංගත රෝග විද්‍යා ඒකකය- 2011
කොන්දේසි භාවිතය
නිමැවුම සහ සම්බන්ධීකරණය